ARTICLES

ඔන්ලයින් ගණුදෙනු කරන ඔයා කවදාවත් මේ වැරදි ටික නම් කරන්නම එපා …!

මේ දවස්වල අපි ගොඩක් දෙනෙක් ඉන්නේ අන්තර්ජාලයත් එක්කනේ.රටේ තොටේ වෙන දේවල් වගේම ගොඩක් වෙලාවට ඔන්ලයින් ගණුදෙනු ආදිය නිසා ඒ තත්වය තවත් වැඩිවෙලා තියෙනවා.

හැබැයි මේ වැඩේ හරියට නොදැන කරොත් අපි අමාරුවෙ වැටෙන්න පුලුවන්.ඒ නිසා ඉන්ටර්නෙට් එකෙන් ගණුදෙනු කරන ඔයාව වැදගත් තොරතුරු කිහිපයක් ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

1.එක එක ඩිවයිස් වලින් ලොග් වෙන්න එපා.

සමහර විට වැඩ රාජකාරිත් එක්ක හිරවෙලා ඉන්න ඔයා හදිස්සිය නිසා සැරින් සැරේ ඔයාගේ ඔන්ලයින් බැංකු ගිණුමට එක එක phones/Devices වලින් ලොග් වෙන්න පුලුවන්.

හැබැයි මේක බොහොම අවදානම් වැඩක් .මොකද ඒක ඔයාගේ ගිණුමේ ආරක්ෂාවට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.ඒ වගේම ඔයාගේ pass word සහ වෙනත් දත්ත ඒවයේ save වෙන්නත් ඉඩකඩ තියෙනවා.

ඒ නිසා හොඳම දේ තමයි ඔයා නිතරම භාවිතා කරන ඔයාගෙම ෆෝන් එකකින් විතරක් මේ ගිණුමට ලොග් වෙන එක.

2.password ලියලා තියන්න එපා.

මේ වැඩේ නම් අපේ සමහරු ගොඩක් වෙලාවට කරනවා.ටික දවසකින් අමතක වෙයි කියල හිතලා ඔබේ ඔන්ලයින් ගිණුමේ පාස් වර්ඩ් එක් පවා කොහේ හෝ ලියලා තියන එක නම් කවදාවත්ම කරන්න එපා.මොකද ඒ තොරතුරු වෙනත් කෙනෙක් අතට ගියොත් ඔයා ලොකු කරදරයක වැටෙනවා.

ඒ වගේම යම් යම් අවස්ථාවල ඔබේ පාස් වර්ඩ් එක වෙනස් කරන්නත් අමතක කරන්න එපා.

සෙලාන් mobile App වැනි ආරක්ශිත ක්‍රම්වේදයන් නිතරම භාවිතා වෙන ඇප් වලදි ,ඔබේ pass word එක ශක්තිමත්ව සහ වරින් වර වෙනස් කිරීමේ පහසුකම ඔයාට හිමි වෙනවා.

3.නොදන්නා ලින්ක් ක්ලික් කරන්න එපා.

ඔබ අන්තර්ජාලයේ ඉද්දි ඔබට විවිධ තෑගි සහ දීමනා හිමි වී ඇති බව කියමින් විවිධ ලින්ක් එන්න පුලුවන්.සමහර විට බැලු බැල්මටම ඒවා අපි හොඳින්ම දන්න වෙබ් අඩවිවලට සමාන මුහුණුවරක් ගන්නවා.

උදාහරණයකට මෙහෙම හිතමුකෝ.ෆේස්බුක් වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක ලින්ක් එකක් ඔබට ලැබෙන්න පුලුවන්.ඉතින් ඔබ ඔබේ user name සහ pass word ඇතුළත් කොට ඊට ලොග් වෙන වුනොත් ඔබේ බොහෝ පුද්ගලික තොරතුරු වෙනත් කෙනෙක්ගේ අතට යන්න වැඩි ඉඩක් තිබෙනවා.

ඒ වගේම තමයි කිසිම වෙලාවක ඔබේ බැංකුව ඔබෙන් pass word වැනි දේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලන්නේ නැහැ.ඒ නිසා බැංකුව විදිහට පෙනී ඉන්න අයගෙන් ,සමාජ මාධ්‍ය තුළදි නම් පරිස්සම් වෙන්නම වෙනවා.

ඒ වගේ සැක කටයුතු දෙයක් සිදුවුනොත් ඕනම වෙලාවක ඔබේ බැංකුව සම්බන්ධ කරගන්න පුලුවන්.සාමාන්‍යයෙන් අපේ රටේ ඉහළම සහ උසස්ම පාරිභෝගික සේවා සහායක් ලබා දෙන සෙලාන් බැංකුව වැනි ආයතන දවසේ පැය 24 පුරාවටම තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පාරිභෝගික සේවා ඇමතුම් ඒකකය සක්‍රීය කොට තිබෙනවා.

4.logout වෙන්න අමතක කරන්න එපා

ගොඩක් වෙලාවට අපි ඔන්ලයින් ගණුදෙනු කරනකොට නිතරම ලොග් වෙලා ඉන්නවා.ඒත් ඒක බොහොම අවදානම්.ඔබ හිතන්න , වෙනත් කෙනෙක්ගෙ අතට ඔබේ ජංගම දුරකථනය ගියොත් ? ඒ නිසා අනිවාර්යයෙන් ගණුදෙනුවෙන් අනතුරුව ගිණුමෙන් logout වෙන්න අමතක කරන්න එපා.

ලොව පිළිගත් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව නිර්මාණය කොට තිබෙන සමහර ඔන්ලයින් ඇප් වලට මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් එක් කොට තිබෙනවා.

ඒ තමයි ගනුදෙනුව සඳහා ගතවෙන යම් කාලයකින් අනතුරුව ඉබේම ඔබව ගිණුමෙන් logout කිරීම.

ඔයා භාවිතා කරන්නේ සෙලාන් App එක නම් මේ පහසුකම ඔයාට හිමිවෙනවා.ඒක ඔයාගේ ගිණුමේ ආරක්ෂාවට බොහොම වැදගත් දෙයක් .

ඉතින් මේ කරුණු ඔයාගේ ඔන්ලයින් බැංකු ගණුදෙනුවලදි බොහොම වැදගත් .ඒ නිසා නේ තොරතුරු ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන්න.