NEWS
20 නිසා කැබිනට් මණ්ඩලයේ විශාල වලියක් – කිරි ඇල්ල

පෙරේදා දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී විශාල වලියක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
එය 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව ඔහු සඳහන් කළේය.
සංවාදයක් නැතිව, නිර්මාතෘවරයෙක් නැතිව මෙවන් කටයුතු සිදුකිරීම හේතුවෙන් මේ ආකාරයේ ගැටළු ඇති වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගත හැකි යයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු එහිදී පැවසීය.