NEWS

මහින්ද වෙනුවට අගමැති ධූරයට නම් තුනක් යෝජනා වේ

නව අමාත්‍ය මණ්ඩලය බොහෝ විට අද දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.මෙම කැබිනට් මණ්ඩලය තරුණ දේශපාලනඥයින්ගෙන් සමන්විත වනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම නවක මුහුණු රැසක් ඒ වන බවද සදහන්.නව කැබිනට් මණ්ඩලය 20 කට ආසන්න බවයි වාර්තා වන්නේ

ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අලි සබ්‍රි යන මහත්වරුන් මේ වන විට කැබිනට් අමාත්‍ය ධුර වල පත් කර තිබෙනවා.

ඒ අනුව සෙසු කැබිනට් අමාත්‍ය ධුර තරුණ මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිත අතර ඩී.වී. චානක, ජානක වක්කුඹුර, කංචන විජේසේකර ඇතුලු රාජ්‍ය ඇමැතිවරුන් රැසකට මෙවර කැබිනට් ඇමැති ධූර හිමිවීමට නියමිත බවද සදහන්.

එමෙන්ම මෙතෙක් කැබිනට් අමාත්‍ය ධුර දැරූ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත නව කවුන්සිලයක් නිර්මාණය කිරීමටද තීරණය කර තිබෙනවා.නවක ඇමැතිවරුන්ට සහාය වීම පිණිස ඔවුන් පත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

මීට අමතරව ‌කැබිනට් තනතුරු ගැනීමෙන් හිස්වන රාජ්‍ය අමාත්‍ය ධූර සදහා තරුණ මන්ත්‍රීවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද සදහන්.

මේ අතර බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර නොමති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම් ලැබී තිබෙනවා.

නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර අමාත්‍ය ධුර භාර නොගන්නා නමුත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීමට ද ඔහු පොරොන්දු වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ ඉවත්වීමේ සුදානමකින් පසුවන බව වාර්තා වනවා.

නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් තුනක් මේ වන විට යෝජනා වී ඇති බව සදහන්.

නාමල් රාජපක්ෂ , රමේෂ් පතිරණ , ඩලස් අලහප්පෙරුම ඒ අතර වනවා