GOSSIP

ලොකු හාමුදුරුවෝ කියපු නිසා ආවා අයියේ – පොඩි හාමුදුරුවරු පාගමනට ගෙනා හැටි මෙන්න

විවිධ අරගල මුවාවෙන් සිංහල බෞද්ධකමට එරෙහිව අත නොතබන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා පිරිසකගෙ සහභාගිත්වයෙන් පාගමනක් අද ආරම්භ කෙරුනා.ඒ නෙළුම් පොකුණ අබියසදී.

මෙම පිරිසට සාමණේර ස්වාමින් වහන්සේලා වැඩි දෙනෙකු සහභාගි වී සිටිනු දක්නට ලැබුන අතර එහි සිටි තරුණයෙකු උන්වහන්සේලාගෙන් විමසා  සිටියේ මේ කටයුත්ත හිතට එකඟව සිදු කරන්නක්ද යන්නයි.

එවිට එක් හිම්නමක් කියා සිටියේ වැඩිහිටි හිමියන් කියූ නිසා මෙහි පැමිණි බවයි.

කෙසේ වෙතත් මෙම පිරිස මෙහෙයවීම පසුපස ඉත්තෑකන්දේ සද්දාතිස්ස ස්වාමින් වහ්න්සේ,ඩැන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් සිටිනු දක්නට ලැබුනා.

අදාළ වීඩියෝව මෙතනින්