NEWS

” රාජපක්ෂ පවුලට ” එරෙහිව සංගා කරළියට එයි

දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රීලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පැවසීය.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමාර් සංගක්කාර මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දැක්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර්
සංගක්කාර

“මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්.
මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වුණා වගේම මෙම අර්බුදයන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව
තුළ ඉඩ දිය යුතු නැහැ.”