චාමර සම්පත්ගෙන් තර්ජනයක්! – “කන පැලෙන්න එකක් ගහනවා”

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අද නිරීක්ෂණ චාරිකාවක් සඳහා එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගම වෙත පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

මෙහිදී ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත‍්‍ර අමතර කොටසක් ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති අතර එය භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමටද කටයුතු කර නොමැති බවට සේවකයින් විසින් විධායක නිළධාරියෙකුට චෝදනා කර තිබුණා.

මේ අනාවරණයත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එම අවස්ථාවේ සේවකයෙකු විසින් අමාත්‍යවරයා ඉදිරියේදීම විධායක නිලධාරියෙකුට පහර දීමට කළ අතර පොලිසිය මැදිහත්ව එය වළක්වනු ලැබුවේ දැඩි පරිශ්‍රමයකින්.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button