NEWS

ඇමතිවරු දිවුරුම් දීම කල් යයි – අගමැති අද රෑ ජාතිය අමතයි

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (11) සිදුනොවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බොහෝවිට හෙට (12) දිනයේදී හෝ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව ඇමති මණ්ඩලය පත්කරනු ඇති බව එම දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ජාවක් අද (11) සිදුකිරීමට නියමිතව ඇති අතර තරුණ දේශපාලඥයින්ට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතාවක් ලැබෙන බවත් එම දේශපාලන ආරංචිමාර්ග පවසයි.