NEWS

රුහුණු පිහිටි මායා නමින් නව පළාත් සභා තුනකට යෝජනා ?

රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

විද්‍යාත්මක අයුරින් ගංගා තුනකින් වටවන ආකාරයට එදා රජ කාලයේ පළාත් බෙදාදුන් බවත්, නමුත් දැනට ක්‍රියාත්මක පළාත් සභා නවයෙන් පහකටම මුහුදක්වත් හසු නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රුහුණු, පිහිටි, මායා යනුවෙන් රජ කාලේ මායිම් වෙන්වූයේ දැදුරු ඔය, බෙන්තර ගඟ හා මහවැලි ගඟෙනි.

එදා රජ කාලේ රට පාලනය කළ ආකාරයට පළාත් පවත්වාගෙන යාම සම්බන්ධවන විද්වතුන් පිරිසක් තමන් හමුවී පෙන්වාදුන් බවත්, එම යෝජනා රජයටද පෙන්වා දෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රුහුණු, පිහිටි, මායා නමින් පළාත් සභා තුනක් ක්‍රියාත්මක වුවහොත් දැනට පළාත් සභා නවයේ ක්‍රමය නිසා සිදුවන මුදල් නාස්තිය අවම කළ හැකි බවත් එම විද්වතුන් පිරිස අගමැති මහින්ද රාජපක්ෂ හමුවී යෝජනා කිරීමටද තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *