NEWS

මෛත්‍රීගේ නිවසේදී ආණ්ඩුවේ හිටපු 41ක් සජිත් සමඟ සාකච්ඡාවක

ජනාධිපතිවරයා සමග ඊයේ (10) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු 41 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ දී තවත් සාකච්ඡාවක නිරත වුණි.

අනතුරුව ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දීම සමගි ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග තමා සහභාගී වන බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ බව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.