GOSSIP

ඩලස් ඇතුලු තවත් 10 ක් ස්වාධීන වෙයි ?

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඉදිරියේදී ස්වාධීන වනු ඇතැයි මවුරට වෙබ් අඩවියට වාර්තා වෙනවා.

අන්තර්වාර ආණ්ඩුවේ අගමැති තනතුර සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නමද යෝජනා වි තිබූ අතර මීට පෙර රජයෙන් ඉවත් වූ විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායමේ වැඩි ප්‍රසාදය හිමිව තිබුනේද ඩලස් අලහප්පෙරුම මහතාටයි.

කෙසේ වෙතත් මෙම පිරිසට චරිත හේරත් මහතා ඇතුලු පිරිසක්ද සිටින අතර ඔවුන් ස්වාධීන වූ පසු ආණ්ඩුවෙ මන්ත්‍රී සංඛ්‍යාව 107 දක්වා අඩුවනු ඇත.