GOSSIP

නාමල් පුතේ..ඔබ රටේ නායකයා වීම කිසිවෙකුටත් නතර කල නොහැකියි

අදට යෙදී ඇති හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ශ මහතාගේ උපන් දිනය වෙනුවෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ෆේස්බුක් ඔස්සේ සුභ පතා තිබෙනවා.

ඔහු එහිදි කියා ඇත්තේ “අනාගතයේදී නාමල් රාජපක්ෂ රටේ නායකත්වයට පත්වීම කාටවත් නතර කල නොහැකි බවයි”.

කෙසේ වෙතත් ඔහුගේ එම සුභ පැතුමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන්නට පටන් ගැනීමත් සමඟ ,එම කොටස ඔහු විසින් ඉවත් කරගෙන තිබෙනවා.