GOSSIP

විශ්වාස භංගයේදී මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම කෝටි 50 යි ?

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ,මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

නව අගමැතිවරයකු යටතේ , සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් එකඟතාවක් පළ නො වන්නේ නම්, විශ්වාසභංග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සදහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම පෙරේදා (08) ආරම්භ කළ අතර,මන්ත්‍රීවරුන් හතලිහකට ආසන්න සංඛ්‍යාවක්.එදින ඊට අත්සන් කර තිබිණි.

ව්ශ්වාස භංග යෝජනාවට අමතරව සමගි ජන බලවේගය තවත් ලියවිල්කට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටින අතර,එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය කපා හැරීමක් හෝ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවක් හෝ විය හැකි බව සමගි ජන බලවේගයේ ප්‍රකාශයේ සඳහන් කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත දෝෂාභියෝගය කතානායකවරයා විසින් බාර නොගත හොත්, කතානායකවරයා ඉවත් කිරීමට ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සඳහා එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙ කෝටි 50 ක පමණ මුදලක් වැය කිරීමට ආණ්ඩුවට හිතවත් පිරිසක් සූදානමින් පසුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුනා.