GOSSIP

නිශ්ශංක සේනාධිපති ,යුධ හමුදාපතිට මචං කියලා

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  මිරිහානේ නිවස වටකරමින් ජනතාව පැවැත්වූ විරෝධතාවයෙන් පසුව එම නිවසේදී, පැවති ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ රැස්වීමකදී ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ශෙවේන්ද්‍ර සිල්වාට මචං යැයි අමතා ඇති අතර එයට අනෙක් ආරක්ෂක ප‍්‍රධානීන්ගෙන් දැඩි විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමුවූ මෙම සාකචිචාව සදහා ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපතිද, පැමින තිබේ.එහිදී ඔහු හමුදාපති ජෙනරාල් ශෙවේන්ද්‍ර සිල්වාට පවසා ඇත්තේ ‘‘මචං මම දෙසීයක් මිරිහානට බස්සලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නෑ’’ යනුවෙනි.

හමුදා අංශ ප‍්‍රධානීන් සහභාගීවන රැස්විමකදී, හමුදාපතිවරයාට ‘මචං’ යනුවෙන් ප‍්‍රසිද්ධියේ කතා කිරිම සම්බන්ද යෙන් නාවික හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා විරෝධය දක්වා ඇත.යුද හමුදාවේ මෙිජර්වරයෙකු ලෙස කටයුතු කර පසුව හමුදාවෙන් ඉවත්ව ගිය පුද්ගලයෙකු, ජනරාල්වරයෙකුට එසේ කතා කිරීම ප‍්‍රශ්න කර තිබෙන අතර, එම හැසිරීමට ˙විරෝධය දක්වා තිබෙන බවද,ආරංචිං මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

උපුටා ගැනීමකි