GOSSIP

ආරක්ෂක කවුන්සිලය රැස්ව ඇත්තේ නිශ්ශංක සේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ?

පසුගියදා මිරිහාන ජනපති නිවසට විරෝධය දැක්වීමත් සමඟම රැස්වූ ආරක්ෂක කවුන්සිලය සඳහා ඇවන්ගාඩ් ආයතනයේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතාත් සහභාගී වූ බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරනවා.

ඉරිදා මව්බිම පුවත්පතේ දේශපාලන තීරුවේ ඒ බව දැක්වෙන අතර ,මෙලෙස රාජ්ය ආරක්ෂාවට කිසිඳු සම්බන්ධයක් නැති පුද්ගලයෙකු ඒ සඳහා සහභාගී වීම බරපතල ප්‍රශ්නයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම එහි ප්‍රධානත්වයද දරා ඇත්තේ සේනාධිපති බවයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නෙ.