පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ සංවිධාන 5 ක තහනම ඉවතට!

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කෙරුණු ඉස්ලාමීය සංවිධාන 11 න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු විමර්ශන සහ බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබා දුන් නිර්දේශයන්ට අනුව මෙම සංවිධාන පහේ තහනම ඉවත් කර ඇතැයි සඳහන්.

ඒ අනුව, Jamiyathul Ansaari Sunnathul Mohomadiya (JASM), Sri Lanka Thawheed Jamma’ath (SLTJ), All Ceylon Thawheed Jamma’ath (ACTJ), Ceylon Thawheed Jamma’ath (CTJ) සහ United Thawheed Jamma’ath (UTJ). යන සංවිධානවලට පනවා තිබූ තහනම දැඩි කොන්දේසිවලට යටත්ව මෙලෙස ඉවත් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ 2021 වසරේදී.

බුද්ධි අංශ සමඟ පැවැති සාකච්ඡාවලදී එම සංවිධානවල නියෝජිතයන්, තම සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයේ වගකීම භාරගන්නා බවට සහතිකයක් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

තහනම ඉවත් කිරීමෙන් පසුව වුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ අරමුදල් සහ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර ඇතැයි සඳහන්.

ජාතික ආරක්ෂාවට අහිතකර ක්‍රියාවල නිරත වන බවට ඉඟි පළවන්නේ නම් එම තහනම යළි ක්‍රියාත්මක කළ යුතු බවද කමිටුව අවධාරණය කර තිබෙනවා.

(Sunday Times වාර්තාවක් ඇසුරිනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button