බීමත් ලංගම බස් රියැදුරු පලා යයි – පොලීසියෙන් බසය ගමනාන්තයට

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයක රියැදුරෙකු බීමතින් රිය පදවන බවට පොලීසියට ලද පැමිණිල්ලක් අනුව එය නැවැත්වීමට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කර රියැදුරු බස් රථය දමා පලාගිය පුවතක් වාර්තා වනවා.
පසුගිය 12 වැනිදා සවස විශාල මගීන් පිරිසක් රැගෙන මාවනැල්ල නගරයෙන් ගමන් ආරම්භ කර ඇති එම බස් රථය අතරමගදී පොලීස් නිළධාරීන් විසින් නතර කිරීමට උත්සාහ කළත්, රියැදුරු බැස්සවිය යුතු මගීන් ද රැගෙන ඉදිරියට ධාවනය කර ඇතැයි සඳහන්.
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොලීසිය පොලිස් යතුරුපැදි වලින් බස් රථය හඹා යද්දී බස් රථ රියැදුරු බසය නවතා පලා ගොස් තිබෙනවා.
ඒ අනුව හෙම්මාතගම පොලීසියේ නිළධාරීන් විසිනුයි බස් රථය එහි ගමනාන්තය වන හෙම්මාතගම නගරය දක්වා ධාවනය කර ඇත්තේ.