GOSSIPSPORTS

කොච්චර ගැහුවත් වැඩක් නෑනේ..ෆිට්නස් නෑනේ – ලොක්කෙක් කියලා

ඊයේ සිය පලමු IPL තරඟයේදීම වේගවත් ලකුණු 43ක් ලබා ගැනීමට භානුක රාජපක්ෂ සමත් වූ අතර මේ සමඟම බොහෝ දෙනාගේ අවධානය ඔහු වෙත යොමු වුවා.

මේ අතර ඊයේ තරඟය නරඹමින් සිටි ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වලට අදාළ ප්‍රබල පුද්ගලයෙකු එතන සිටි සිය මිතුරෙකුට පවසා ඇත්තේ ” කොච්චර ගැහුවත් ඒවා අපේ අයට වැඩක් නෑ..අපිට ඕනේ ෆිට්නස් ” යනුවෙනුයි.

සැබවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ දැඩි අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයෙකු වන භානුක රාජපක්ෂට දැන් හෝ සාධාරණයක් ඉටුවනු ඇතැයි බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලා සිටිනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නෙකු නොවන බවයි වාර්තා වන්නේ.
උපුටා ගැනීමකි