සනත් නිශාන්තගෙන් ලොකු වැඩක් – නිවාස 5 ක් ජනතා අයිතියට

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස නොමැති පවුල් සඳහා නිවාස සහ ඔප්පු ප්‍රදානය කිරීම ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවුණා.
නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීමේ අරමුණ ඇතිව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරනු ලැබූ නව නිවාස 05 ක් සහ ඒවාට අදාල ඔප්පුද, චෙක්පතක්ද මෙහිදී ප්‍රතිලාභින් 06 දෙනෙකු අතට ප්‍රදානය කෙරුණා.