ජනපති වහාම හිට්ලර් කෙනෙකු විය යුතු යැයි කියති

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ආකාරයෙන් දියාරු පාලනයක් බලාපොරොත්තු නොවූ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

තුනෙන් දෙකේ බලයක් සහ විධායක බලයක් ද සහිතව සිටින ජනාධිපතිවරයා එම බලයෙන් ප්‍රයෝජනයක් නොගන්නේනම් ඉන් ඇති ඵලය කුමක් දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

රටපුරා පවතින විරෝධතා උද්ඝෝෂණ වහා මැඩලීමට කට කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට හිට්ලර් කෙනෙකු වීම අවශ්‍ය නම් නම් එසේ ද විය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.