සබරගමුවේ රජයේ ගුරුවරුන්ට ටියුෂන් තහනම්!

සබරගමුව පළාතේ රජයේ පාසැල්වල ගුරුවරුන්ට තම පන්තියේ සිසුන් උපකාරක පන්ති සඳහා ගෙන්වා ගැනීම තහනම් කරමින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ චක්‍රලේඛය තදින් ම ක්‍රියාත්මක කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල රජයේ පාසල් ගුරුවරුන්ට තමන් පාසලේදී උගන්වන විෂය සඳහා උපකාරක පන්තිවලට සිසුන් ගෙන්වා ගැනීම තහනම් වනු ඇති.
මේ අතර ඉරිදා දිනවල පෙරවරුවේ සහ පොහෝ දිනවල උපකාරක පන්ති පැවැත්වීම වලක්වාලමින් මීට පෙර සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.