රුසියානු – යුක්‍රේන සංචාරකයෝ ශ්‍රී ලංකාවේදී ගැටෙති

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින යුක්‍රේන සහ රුසියානු ජාතිකයන් අතර යම් යම් නොසන්සුන්තාව වර්ධනය වෙමින් තිබේ.

රුසියාව හා යුකේ‍්‍රනය අතර යුද්ධයට යුක්‍රේන සංචාරකයන් පිරිසක් විරෝධය පළ කරද්දී රුසියානු සංචාරක කාන්තාවන් දෙදෙනෙකු එම විරෝධතාවයට විරෝධය පළකරනු දක්නට ලැබිණි.

මේ අතර පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ යුක්රේන සහ රුසියානු ජාතික සංචාරකයන් සිටින සංචාරක හෝටල් සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබඳව සමීප නිරීක්ෂණයක සිටින ලෙසයි.