අනුරගේ ඇම්බියුලන්ස් දෙකේ කතාවට ඔසී වලින් ටොක්කක්!

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයෙකු කිසියම් අසනීප තත්වයක් නිසා ගිලන් රථයක් ගෙන්වා ගැනීමට ඇමතුමක් දුන් විට ගිලන් රථ එකක් වෙනුවට දෙකක් එවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දා ජන හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබුණා.

ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ එසේ ගිලන් රථ දෙකක් පැමිණෙන්නේ යම් හෙයකින් එක් ගිලන් රථයක කාර්මික දෝෂයක් මතු වුවහොත් අනෙක් ගිලන් රථයෙන් රෝගියා නිරුපද්‍රිතව රෝහල් රථ කිරීම සඳහා බව⁣යි.

නමුත්, ඔහුගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි වාමාංශික පක්ෂ ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන කණිෂ්ක චාමින්ද ජයලත් විසින් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“සහෝදර සහෝදරියනි

ඕස්ට්‍රේලියාව කියන්නෙ ඔය කියන තරම් පට්ට රටක් නෙමෙයි. වැඩ කරන එකාට බදු ගහන ධනපතියට බදු සහන දෙන ආර්ථිකයක් තියෙන්න.
කෝල් කලාම ඇම්බුලන්ස් දෙකක් එන්නෙ නෑ. එන එකත් විනාඩි ගාණක් පරක්කුයි .ඒකෙ ගියහම තව පැය ගාණක් එළියෙ.
ඕකයි රජයෙ සෞඛ්‍යය සේවයෙ තත්වය.සල්ලි තියන එකා පෞද්ගලික රොහලට යනවා. නැති එකා පෝලිමේ ඉන්නවා.
ලෝකයෙ දියුණු රටවල් අතරට එන්න මේකට තව අවුරුදු 100 වත් යයි.
ජර්මනිය වගෙ පට්ට දියුණු රටක් ලගටවත් ගිහිල්ලා නැති එකෙකුට මේක ෂෝක්.
අද වෙනකොට රටේ ආර්ථිකයට කෙලම වෙලා. මිනිස්සු නාන එකත් අඩු කරලා. රෑට ලයිට් දාන්නෙ නෑ. සංචාර 30% අඩු වෙලා
සුපර් මාර්කට් එකට යන අපි දැන් බඩු ගන්න එක හොදටම අඩු කරලා

මම ගෙදර ණය වාරිකය ඩොලර් 900 වැඩියෙන් ගෙවනවා. මට ඒ ගානට පඩි නෑ

මේ රටේ ලේබර් ආන්ඩුව නිසා මුට්ට කාසි වෘත්තීය සමිති වර්ජන උද්ඝෝෂණ කැදවන්නෙ නෑ.

ඇත්තම කියනවා නම් ඕස්ට්‍රේලියාවෙ ජනයා ලක්ෂ ගණනින් පාරට බහින්නම ඕන.

ඒක ඉක්මනින් වෙයි. මේ පීඩනය දරා ගන්න බෑ

ඒ නිසා බන්ඩා කොලඹ ගියා වගෙ කට උල් කරලා ගහන මුචලින්ද පච වලට අහු වෙන්න එපා. ඒවා පට්ට බොරු. මේකෙ ජනතාවට කෙලවිලා තියෙන්නෙ.

අපි කන හැටි ලිපා දනි කිව්වලු.

යකො ඇම්බුලන්ස් දෙකක් නෙමෙයි අපි එකක් ගෙන්න ගන්නෙත් අමාරුවෙන්.
ඒකෙ ගියා කියමුකො. අඩෙ ඇම්බුලන්ස් ඉන්ෂුරන්ස් එක නැත්නම බඩ යනවට ඒකෙ ගිය එකා මැරෙන්නෙ හාර්ට් ඇටෑක් එකෙන්. බිල ඩොලර් 1000 ක් වෙනවා

මම කියන්නෙ සහොදරයා . මම එදා උබව ගන්න එයාර් පෝර්ට් ආවා.
අද උබව ගන්න ආපු එකාලා උබව ඇන්දුවා.

උන්ගෙ මුලා කිරීම් අහලා උබ නයි ඇරලා නෝන්ඩි වෙන්න එපා බං.

ෆිට් එකට කියන්නෙ ඕං”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button