මහින්දට බලය දෙන්න ජනතාව මග බලාගෙන ඉන්නේ – සාගර කාරියවසම් කියයි

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බිහි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
ඒ, පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමකට එක් වෙමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ මීළඟ මැතිවරණයකදී පොදුජන පෙරමුණ බහුතර බලයක් ලබා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඒ සඳහා ජනතාව සූදානමින් සිටින බවද සාගර කාරියවසම් රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා.