තෙල් මිල වැඩි වෙන්නේ මේ නිසා – කැබිනට් ප්‍රකාශක

මෙරට ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු විය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
කොලඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.
යුක්රේනය හා රුසියාව ඇතිවී අතර ඇති යුද්ධ උණුසුමට සමගාමීව ලෝකයේ ඉන්ධන මිල විශාල ඉහළ යාමට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.
ඒ තත්ත්වය මත ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල ඉහල යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නැතැයිද හෙතෙම පැවසීය.
දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන්නේ විශාල පාඩුවක් දරා ගනිමින් බවද පැවසූ ඔහු නැවතත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසිය ද ජනතාවට ලබාදිය යුතු බවට රජය දැඩි ස්ථාවරයක සිටින බවද කියා සිටියේය.