‘අලුත් කලාවක්’ බලන්න ගිය උදයංගගෙන් අලුත් නැටුමක්

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සහ ‘අලුත් කලාවක්’ ප්‍රසංගය සම්බන්ධව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සටහනක් තබා තිබෙනවා.
එම සටහන සහ ඔහු නිකුත් කළ වීඩියෝ පටය පහතින්.
“ගෝඨා අයියා ජනාධිපති පුටුවට රැගෙන ඒමට ලබාදුන් අසීමිත සහයොගය නිසාම, ඉරාජ් මල්ලීගේ සියලු දේ විනාශ වුණා.. අරගලය ඔහුව බිංදුවටම වට්ටලා සිටින මොහොතක වුනත්, රටෙහි ආර්ථිකය ගොඩ ගන්න, සංචාරක කර්මාන්තයට ඉරාජ් ලබාදුන් උත්තේජනය අපි කිසි දිනක අමතක නොකරමු.
ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් හැමදෙයක්ම සුභවාදීව බලන ඉරාජ් ගේ “අලුත් කලාවක්” සංගීතය බලන්න නෙලුම් කුළුණට, ඊයේ පැමිණියෙමි. අරගලයට වසරක් ගත වන දිනයේම, අනුරයා පිස්සු වට්ටන සෙනග ගොඩක් එක්ක, සිංහල සිංදුවකට විනෝද වීමට මට අවස්ථාවක් ලබාදුන් ඉරාජ් මල්ලී, ඔබට බොහොම ස්තුතියි!!
උදයංග වීරතුංග”