රටක් කම්පා කළ කොටලීය බස් අනතුර ගැන වෙනස් කතාවක්!

පුද්ගලික බස් රථයක් මනම්පිටිය, කොටලීය පාලමෙන් පෙරලී යාමෙන් ඊයේ (09) සිදු වූ අනතුරින් මිය ගිය මගීන් ගණන 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

බොහෝ දෙනා අනතුරට පත් රථයේ රියැදුරා⁣ට දොස් පවරන පසුබිමක, ඒ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව ගණනාවක්ද වගකිව යුතු බවට සමාජ ජාල ඔස්සේ හුවමාරු වන තොරතුරු වලින් කියැවෙනවා.

කදුරුවෙල කොටලීය පාලමෙන් රථ වාහන ගමන් කිරීමේ දුෂ්කරතාව සහ අවදානම පිළිබඳව මනම්පිටිය ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයෙකු පහත පරිදි ෆේස්බුක් සටහනක් තබා තිබුණේ පසුගිය වසරේ ජනවාරි මා⁣සයේ දී.

“මනුස්සයෙක් මැරුණම ඉහලින් කතා වෙන මාසෙකට අනතුරු දෙක තුනක් අනිවාර්යයෙන් වෙන කොළඹ – මඩකළපුව ප්‍රධාන මාර්ගයක් වන මෙහි මනම්පිටිය කොටලීය පාලමයි මේ….

ගුවන් පාලම් , අධිවේගී මාර්ග ඔක්කොම හදනවා මේ පාලම් දෙක තුන හදන්න පාලකයන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ….

ඇහුවොත් කියන්නේ මාර්ගය හදන්න මැනුම් කටයුතු කරලලු හැමදාම එකම බොරුව කියන්නත් එපා අප්පිරියා වෙලා තියෙන්නේ එකම බොරුව අහලා.

වැහි දෙකක් වැස්ස වැස්ස ගමන් උඩහින් තියන වැවේ ජපන් ජබර ඔක්කොම ඇවිල්ලා මේකට හේත්තු වෙලා ගිල්ම ගහනවා. ඉතින් පොඩි උන් වගේ හැමදාම පාසි ටික අයින් කරනවා. මිනිස්සු පැය ගණන් වාහන පෝලිම් වල ඉන්න ඕන.

මේක මාරාන්තික පාලමක් කිව්වොත් නිවැරැදි. මොකද්ද ජීවිත විශාල ප්‍රමාණයක් මෙතනින් ගිල ගත්තා. වාහන දෙකක් මාරු වෙන්න බැහැ.

කියන්න නම් බොහෝ දේ ඇත නමුත් එකම පිලිතුර පාලමට තව මංතීරුවක් එක් කිරිම පමනි”

කෙසේ වෙතත් ඊයේ සිදු වූ අනතුරත් සමඟ අදාළ ව්‍යාපාරිකයා නැවත ෆේස්බුක් සටහනක් එක් කර තිබුණේ ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයන් කිහිප දෙනෙකුද දැඩි දෝෂදර්ශනයට ලක් කරමින්.

එම සටහන පහතින්.

“එක පාරක් ? දෙපාරක් ? තුන්පාරක් ? @$@$@% රෙද්ද තමා 😒 කී පාරක් නම් මේ බම්බුවේ පාලම ගැන මාධ්‍ය මගින් කිව්වද….

පොළොන්නරුවේ ජනාධිපතිලා , කැබිනට් ඇමතිලා , රාජ්‍ය ඇමතිලා බිහි කරන්න මිනිස්සු කතිරේ ගැහුවේ මේවත් කොරයි කියලා හිතලා තමා….

දැන් වාහන කීයකින් මිනිස්සු සිය ගාණක් මේ පාලම නිසා ජීවිතේ නැති කරගත්තද ?

බස් කාරයා හයියෙන් ගියේ අද විතරද ? බස් ඩැයිවර් ගංජා ගැහුවේ අද විතරද ? බස් කාරයා සිගරට් බිව්වේ අද විතරද ? ඇයි බස් කාරයට නුපුරුදු පාරක්ද ? නැහැ බං මේ පාලම අබලන් බං අබලන් කියන්නේ අබලන් නිසා. උදේ හවා යන අපිත් දෙලව රත් වෙලා යන්නේ මේ පාලමෙන් 😒

මිනිස්සු මැරෙන්නේ ගෙනාපු ආයුෂ ඉවර වෙලා කියයි අරකද මේකද කියලා මොකා මැරුනත් අවසානේ අම්මෙට දරුවෙක් , දරුවෙක්ට අම්මේක් තාත්තෙක් තමා මේ මැරුණේ….

දේශපාලකයන්ට මේ කොන්ත්‍රාත් එකෙන් ලාබයක් ගන්න බැරි සීන් එකක් තියේද කියලා හිතෙනවා වෙලාවකට 😒

මම නම් කියන්නේ ස්භාවධර්මය මේවා දකිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ ගෑනියක් හරි ළමයෙක් හරි මෙකට පත බැවියන්කෝ අන්න එදාට පාර්ලිමේන්තුව කියන ලබ්බේ මේක කතා වෙලා හදන්න පටන් ගනිවි ඉක්මනින් 😒

අර මෛත්‍රීපාල මහත්තයා ලිෆ්ට් එකක් පොළොන්නරුවේ හොස්පිටල් එකේ ඉක්මනින් හදන්න කිව්වෙත් එයාගේ දුවට බබා හම්බෙන්න ගියාම පඩිපෙලේ යද්දි දුක හිතිලලුනේ 😒 ( එයාමනේ කිව්වේ මාධ්‍ය සාකච්ඡාවක )

මට නම් මහ වේදනයි බං මේ සිද්ධිය ගැන. මිනිස්සු බලාපොරොත්තු කදු ගහගෙන යන්න ඇති 😒

ආ තව එකෙක් 😒

මම අද කම්මැලි උනා නම් මටත් අඩන්න වෙන දවසක් වෙන්න තිබ්බා 😒

ඇයි ඒ කියලා හිතෙයි. වැලිකන්ද බස් නැහැ සාමාන්‍යයෙන් 6.30 න් පස්සේ වගේ gf කැම්පස් ගිහින් එද්දි 7 වගේ වෙනවා. එයාගේ යාලුවෝ දෙන්නෙකුත් අද ආවා එයාලගෙ ගෙදර . බයික් එකේ එක්කන් එන්න බැරි නිසා මේ බස් එකේ තමා එන්න හිටියේ. ( මොකද වැලිකන්ද පාරේ මේ බස් එක විතරයි ඒ වෙලාවට යන්නේ ) නමුත් මගෙ යාලුවෙක් එක්ක බයික් දෙකේ ගියා එක්කන් එන්න. අපි මගින් තේ එකක් බොන්න නවත්තපු වෙලාවේ තමා මේ බස් එක ගියේ අපිව පහු කරන් 😒 ඒත් කඩෙන් ආපහු එලියට එද්දි ගිලන් රථ, ලොරි , ත්‍රීවීලර් ලෙඩුන් දාගෙන පෝලිමේ යනවා….

ඔව් මගෙ ලගම උන් බේරුනා තමා ඒත් අපේ උන් 11 දෙනෙක්ද කොහෙද ජීවිතෙන් සමුගත්තා බං 😓

ජරා දේශපාලන බල්ලෝ ටික මේ මිනිස්සු ගැන දැන්වත් හිතලා මේ පාලම් ටික පලල් කරලා දුන්නා නම් කොච්චර වටිනවද ?

බොරු නම් බලපල්ලා හැමදාම වගේ හෙට අනිද්දා ඇවිල්ලා පාලම මැණුම් කටයුතු කරලා යයි 😒 හැබැයි පාලම නෙමෙයි හදන්නේ….

මේ පාලමට ඇයි මෙච්චර බනින්නේ කියලා හිතයි නොදන්න අය අන්න ඒ අයට දැන ගන්න කියන්නේ…

මේ පාලමෙන් යන වතුර පාර දල වශයෙන් අඩි 20 කට වැඩා ගැඹුරුයි. ඒ වගේම එතනින් එහාට අවම අඩි 05 කට වැඩියෙන් ලොකු මඩ තට්ටුවක් තියෙන්නේ 😒

හරි මේ බස් එක පෙරලුනේ පාලම අවසන් වෙන්න අඩි 15 ක් පමණ තියෙද්දි ඒ කියන්නේ ඉවුරට ළඟින් ….( ඒකයි බස් එක පේන්න තිබ්බේ )

තව අඩි 15ක් විතර මෙහායින් ගියා නම් බස් එක හොයන්න කිමිදුම් කණ්ඩායම් ගේන්න ඕන 😒

ඒ වගේම මේකේ කිඹුල්ලු විමානයක් බං. මේ ( කොටලීය )කියන නමින් නම් කරලා තියෙන ඇල මාර්ගයේ අවුරුද්දකට අවම 05 දෙනෙක්වත් කිඹුල්ලු අල්ලනවා( මාලු අල්ලන්න හෝ හරක් බලන්න යන මිනිස්සු )

අවසාන වතාවටත් සියලුම අයගෙන් ඉල්ලන්නේ රැල්ලක් හරි ඇති කරලා දෙයියන්ගේ නාමෙට මේ පාලම පළල් කරගන්න අදාල බලධාරින්ගේ ඇස් යොමුකරවමු…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button