ikman විසින් බලගැන්වෙන මෝටර් රථ පිළිබඳ තොරතුරු, ප්‍රවෘත්ති හා උපදෙස් ලබා දෙන ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායී වෙබ් අඩවිය ලෙස CarsGuide එළිදකී

2023 ජුනි, ශ්‍රී ලාංකේය මෝටර් රථ ලෝලීන්ගේ සිහින සැබෑ කරන CarsGuide, රථවාහන වෙළෙඳාමේ අත්දැකීම් තුළින් විප්ලවීය වෙනසක් සිදු කිරීමට පසුගියදා සමත් විය. මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ikman විසින් බලගන්වනු ලබන CarsGuide,  පාරිභෝගිකයන් වෙත මෝටර් රථ පිළිබඳ තොරතුරු, ප්‍රවෘත්ති, මඟ පෙන්වීම් හා විශේෂඥ උපදෙස්  ඇතුළු රථ වාහන සම්බන්ධ අන්තර්ගතයන් රැසක් ලබා දෙන සුවිසල් වේදිකාවක් සපයනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයේ ප්‍රමුඛතම වෙබ් අඩවිය ලෙස සැලකෙන CarsGuide විසින් වාහන සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව තීරණ ගැනීමට අත්‍යවශය වන රථ වාහන ආශ්‍රිත දැනුම හා අවබෝධය සඳහා පුළුල් පරාසයක විහිදුණු ඉතා වැදගත් අන්තර්ගතයන් සපයනු ලබයි. එහිදී විශේෂඥ සමාලෝචන, වාහන පිළිබඳ සවිස්තරාත්මක විස්තර, මිල ගණන් සැසඳීමේ සිට වටිනා අවවාද, උපදෙස් සහ නවතම පුවත් දක්වා සියලු විස්තරයන් තුළින් මෝටර් රථ ගැනුම් කරුවන්ගේ, හිමිකරුවන්ගේ, පරිශීලකයන්ගේ මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අවශයතාවයන් සපුරාලීමට CarsGuide සමත්ව සිටියි.

විශේෂයෙන් වාහන නඩත්තුව, සේවා මඟ පෙන්වීම්, මූල්‍ය හා රක්ෂණ සේවාවන්, රියදුරු මඟ පෙන්වීම් මෙන්ම මෝටර් රථ කර්මාන්තය පිළිබඳ සියලු යාවත්කාලීන සිදුවීම් සියල්ල සම්බන්ධයෙන්ද පරිශීලකයන් වෙත අවශය සේවාවන් සලසා දීමට CarsGuide කටයුතු කොට ඇත. තවද CarsGuide විසින් පරිශීලකයන් වෙත මෝටර් රථ පිළිබඳ ප්‍රවීණ හා නිවැරදි තොරතුරු හා මෝටර් රථ සංසන්දනය සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම් ලබා දීමට පමණක් නොව රථ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට ඒ පිළිබඳව දැනුවත් භාවයකින් යුතුව මිලදී ගැනීම සඳහා සහාය වීමට අරමුණු කොට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ikman (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ෂායිෆ් මොහොමඩ් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව තුළ වාහන පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් මෙන්ම සාඩම්බරකාරී වාහන හිමිකරුවන් වගේම නිරන්තරයෙන් වාහන පිළිබඳ තොරතුරු සොයමින් සිටින අනාගතයේදී වාහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන විශාල පිරිසක් සිටිනවා. අපගේ අරමුණ වන්නේ ඔවුන් සතු මේ උනන්දුව හා කැමැත්ත සමඟ CarsGuide එක්ව සපුරාලීමයි. මෙහිදී අප මෝටර් රථ හිමිකරුවන්, ගැනුම්කරුවන් සහ වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන්ගේ අවශයතා සපුරාලන විශ්වාසවන්ත හා පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

තවද සුවිශේෂී අන්තර්ගතයන් සහිත CarsGuideහි වෙබ් අඩවියට අමතරව Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය නාලිකා තුළින්ද පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි. එසේම ඒ සතු YouTube නාලිකාව තුළින් ශ්‍රී  ලංකාව තුළ ඇති විවිධ මෝටර් රථ සන්නාම හා මාදිලි පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ විශේෂාංගයන් ඉදිරිපත් කරමින් පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් එක් කරනු ලබයි.

2012 වසරේ සිට වාහන මිලදී ගැනීම හා විකිණීම සඳහා ප්‍රමුඛතම වේදිකාව වන ikman, CarsGuide පිටුපස ඇති ගාමක බලවේගයයි. CarsGuide හඳුන්වාදීමත් සමඟ සිය සේවාවන් තව දුරටත් පුළුල් කරමින් මෝටර් රථ ගැනුම් කරුවන්ගේත්, හිමිකරුවන්ගේත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ගේත් අවශ්‍යතා සපුරාලීමට ikman කටයුතු කරනු ලබන්නේ තම විශ්වසනීය නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයේ ප්‍රථම පිළිගත් වේදිකාව බවට CarsGuide පත් කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ ikman (Pvt) Ltd හි අධ්‍යක්ෂ – ව්‍යාපාර සංවර්ධන රිමාස් මර්සූක් මහතා සඳහන් කර සිටියේ “දේශීය වෙළෙඳපොලට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෝටර් රථ පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත සුව පහසු හා විශ්වාසදායී සේවාවක් ලබා දීම සඳහා වන ශ්‍රී ලංකාවේ පුරෝගාමී අන්තර්ජාල වෙළෙඳපොල බවට ikman පත්ව තිබෙනවා. මෝටර් රථ පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන් හට එම සිහිනය සැබෑ කර ගැනීමට වඩාත් පුළුල් හා සුවිශේෂී දැනුම් හා තොරතුරු සපයන වේදිකාවක් තුළින්  ඔවුන් වෙත අසමසම විස්තර ලබාදීම හා විශ්වාසයක් ඇති කිරීම අපගේ අරමුණයි” යනුවෙන් පවසා සිටින ලදී.

මෝටර් රථ සඳහා වන විශ්වසනීය දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය ලබා දීමට අමතරව ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ මිලදී ගැනීමේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සූදානම්ව සිටින CarsGuide අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව තීරණ ගැනීමට අවශ්‍ය දැනුම, සම්පත් හා මෙවලම් සමඟ පරිශීලයින් සවිබල ගන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ විශ්වසනීය වෙළෙඳපොල වන ikman හි ශක්තිය සමඟ මෝටර් රථ තොරතුරු, ප්‍රවෘත්ති හා අදහස් සඳහා CarsGuide වඩාත් විශ්වසනීය වේදිකාව බවට පත් වනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට  https://carsguide.ikman.lk/ වෙත හෝ CarsGuideහි @CarsGuideSL, සමාජ මාධ්‍ය වෙත පිවිසෙන්න.

 

CarsGuide පිළිබඳව

ශ්‍රී ලංකාවේ මෝටර් රථ තොරතුරු, ප්‍රවෘත්ති හා අදහස් සඳහා වන ප්‍රමුඛතම වේදිකාව CarsGuide වේ. ශ්‍රී ලංකාවේ පුරෝගාමී අන්තර්ජාල වෙළෙඳපොල වන ikman විසින් බලගනුවනු ලබන CarsGuide ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමිකරුවන්, ගැනුම්කරුවන් හා මෝටර් රථ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ විවිධ අවශ්‍යතා හා ලැදියාවන් සපුරාලමින් වාහන ආශ්‍රිත පුළුල් අන්තර්ගතයන් පරිශීලකයන් වෙත ගෙන එනු ලබයි. තමන් සතු සුවිසල් තොරතුරු හා අත්කරගෙන ඇති ප්‍රකට විශ්වාසය නිසාම CarsGuide මෙරට සියලු මෝටර් රථ සඳහා ඔබ පිවිසිය යුතු එකම අන්තර්ජාල වේදිකාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button