මෙවර නිදහස වෙනුවෙන් අපේ රටේ වෙළඳ ආයතන වෙනස්ම විදිහට කරපු හොඳම ඩිජිටල් කැම්පේන් 05 මෙන්න

මෙවර යෙදී තිබූ 74 වෙනි නිදහස් උත්සවය වෙනුවෙන් බොහෝ දෙනා විවිධ සුභ පැතුම් එක් කර තිබුනා.ඒ අතරින් ඩිජිටල් මාධ්‍යය තුළ වෙනස්ම වූ ආකාරයේ නිර්මාණශීලී ප්‍රචාරණ කටයුතු කිහිපයක්ද මෙවර දක්නට ලැබීම විශේෂිතයි.

බොහෝ දෙනාගේ අවධානය දිනාගත් එවන් නිර්මාණශීලී දැන්වීම් කිහිපයක් අපේ නෙත ගැටුනා.

5.මන්චි බිස්කට්

සිය බිස්කට් නිෂ්පාදන පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා සිතියම සකසා මන්චි ආයතනය ,නිදහසට සුභ පැතුම් එක් කොට තිබුනේ මෙලෙසින්.

4.JAT ආයතනය

සිංහ කොඩියේ නිරුපිත වර්ණයන් යොදාගෙන සිය නිෂ්පාදන තුළින් ජනතාවට සුභ පැතීමට මේ ආකාරයෙන් JAT ආයතනය කටයුතු කොට තිබුනා.

3.SLT Mobitel

දැන්වීම්කරණයෙන් ඔබ්බට යමින් නිදහස් දිනය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් හට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාවක් දීමට SLT Mobitel ආයතනය කටයුතු කර තිබුනා.

2.හෙළකුරු

දේශීය ආයතනයක් වන හෙළකුරු ආයතනය සිය පරිශීලකයින්ට වෙනස්ම අත්දැකීමක් ගෙන දෙමින් යතුරු ලියනය (key board) මත සිංහයෙකුගේ සිතුවමක් නිර්මාණය වන පරිදි නිදහස් දිනයට සුභ පැතුම් එක් කර තිබුනේ මෙලෙසින්.

1.සෙලාන් බැංකුව

පසුගිය කාලය පුරාවටම සෙලාන් බැංකුව විසින් විවිධ නිර්මාණශිලී ඩිජිටල් ප්‍රචාරණ කටයුතු කිහිපයක්ම සිදු කරනු දක්නට ලැබුනා.මෙවර නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව ආමන්ත්‍රණය කරමින් ලිපියක් ලියන්නට සිය ගණුදෙනුකරුවන්ට මෙන්ම අනෙකුත් ලාංකිකයින්ටත් ඔවුන් අවස්ථාව ලබා දී තිබුනේ මෙලෙසින්.