වැටුනානම් දැන් කරන්න දෙයක් නෑ.අපිට පරක්කු වෙනවා – ප්‍රංශ ජාතිකයින් ඉදිරියේ සිත් පිත් නැති ලෙස හැසිරුනු ගාර්ඩ්

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේ දී ඊයේ දිනයේදී විදෙස් යුවළක් දුම්රියෙන් ඇද වැටුනු පසුව රෝහල් ගත කෙරුනා.

ප්‍රංශ ජාතිකයින් වන ඔවුන් දෙදෙනාගෙන් තරුණිය දුම්රියෙන් ඇද වැටී ඇති අතර ඇයව බේරා ගැනීමට පෙම්වතාද ඉන් පැන තිබෙනවා.

එම අවස්ථාවේදී මගීන් විසින් හදිසි දම්වැල ඇද තිබෙන අතර ,ගාඩ්වරයෙකු පවසා ඇත්තේ ,දුම්රිය නතර කල නොහැකි බවත් ඔවුනට පරක්කු වන බවත් ය .

එම අවස්ථාවේ එහි සිටි තරුණයෙකු අදාළ සිදුවීම පහතින් සටහන් කර තිබුනා.