GOSSIPSPORTS

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර සනත් ජයසූරියට ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා විදේශිකයින් පත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බව හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ දක්ෂ පුහුණුකරුවන් මෙරට තුළ සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සනත් ජයසූරියගේ නමද ක්‍රිකට් අභ්‍යන්තරයේ යෝජනා වී ඇති අතර යම් හෙයකින් එම තනතුර ලබා දෙන්නේ නම් තමන් එය භාර ගැනීමට සූදානම් බවද සනත් ජයසූරිය පවසා ඇතැයි වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට තිබෙනවා.

එමෙන්ම මහේල ජයවර්ධන සහ රොෂාන් මහානාම ද එම තනතුර සඳහා සුදුසු බවටයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා යෝජනා කොට ඇත්තේ.

නමුත් පුහුණුකරු තනතුර සඳහා දේශීය පුහුණුකරුවෙකු යොදාගන්නේද යන්න මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැහැ.