නොමිලේ ඖෂධ සායනයක්!

HIV AIDS වෛරස ආසාදිතයන්ට එහි අවදානම අවම කරගැනීමට අත්‍යවශ්‍ය ඖෂධ නොමිලයේ ලබා දෙන සායනයක් සෑම මසකම දෙවැනි සතියේ ඉරිදා දින කොළඹ සේරම් මාවතේ පිහිටි ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකයේදී පැවැත්වෙන බව එම ඒකකය නිවේදනය කරනවා.
එහි පැමිණ ඖෂධ ලබන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවත්, ඒ පිළිබඳව කිසිවෙකුත් අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති බවත් ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ජානකී විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් සඳහන් පවසනවා.