ජනපතිගේ ධූර කාලය වසර දෙකකින් දික් කරන්නැයි ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනාධිපතිවරයාට සිය ධුර කාලයෙන් වසර දෙකක් අහිමි වූ බවත් එනිසා එම වසර දෙකක කාලය ජනාධිපතිවරයාට ලැබිය යුතු බවත් ඇය පවසන්නීය.
තමන් විසන් ඉදිරිපත් කරන එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් ක්‍රියාත්මක කළ යුතුද ඇය පැවසීය.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයෙන්ද කොරෝනා නිසා අහිමි වූ වසර දෙකක කාලය දීර්ඝ කල යුතු බවද ඇය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රිවරිය මේ බව කියා සිටියාය.