GOSSIP

විපක්ෂ නායක කම ලබා ගන්න මෛත්‍රී – රනිල් සීතල යුද්ධයක

විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික සමගි ජනබලවේගය තුළ ඇති අභ්‍යන්තර අර්බුදය හමුවේ එම පක්ෂයේ කොටසක් හා ආණ්ඩුව කලකිරී ඇති කොටස් එකතු කර ගෙන විපක්ෂයේ වාඩි වී ඉදිරි කාලයේ දී එහි නායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති බව පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතිපක පක්ෂයේද ඒ ආකාරයකට ආණ්ඩුවෙන් හා සමගි ජනබලවේගයෙන් කලකිරී ඇති කොටස් එකතු කරගෙන දෙමළ ජාතික සංධානයේ සහායද ලබා ගෙන විපක්ෂ නායක ධුරය ලබා ගැනීම මෙහෙයුම් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ කලකිරී සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමගද මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග ඒ සම්බන්ධයෙන් කතාකර ඇති බවද සඳහන් වේ.

මේ අතර සමගි ජන බලවේගයේ නිසි වැඩපිළිවෙළක් නොමැති බවට කළමනාකරණ කමිටු රැස්වීමේ දී මන්ත්‍රීවරුන් පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විරෝධය පළ කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටු රැස්වීමේ දී පක්ෂ සභාපති සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හසීම් සහ අජිත් පී. පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරු මෙලෙස විරෝධය පළ කර ඇත.

‘‘හන්දි ගානේ ගිහින් උත්තර දීලා වැඩක් නැහැ. පක්ෂය නිසි වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.’‘ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙහි දී පනේවා දී ඇත. පක්ෂ සභාපති සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාද විරෝධය පළකරමින් ප්‍රකාශ කර ඇත්තේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් මන්ත්‍රීවරු විකල්ප ක්‍රියාමාර්ග ගත හැකි බවයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් පක්ෂයේ මාධ්‍ය කමිටු රැස්වීමේ දී මේ පිළිබඳ අවධානය යොමු කර ඇති අතර එහි දී තීන්දු කර ඇත්තේ පක්ෂ අර්බුද නිර්මාණය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවයි. පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා මාධ්‍යයට ලබා දීම නුසුදුසු බව සමගි ජන බලවේගයේ මහ ලේක්ම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහි දී ප්‍රකාශ කර තිබේ.