GOSSIP

ජවිපෙ ඉදිරි ගමන ගැන පක්ෂය ඇතුළෙන්ම මත ගැටුම්

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු රටේ පවතින සියලු දේශපාලන බලවේග ඒකරාශී කර ගනිමින් සිදු කළ යුතු බවට රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන සංවාදවලදී ප්‍රකාශවීම පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ මතදෙකක් බිහි වී තිබේ.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා ප්‍රචාක ලේකම් විජිත හේරත් නියෝජනය කරන දේශපාලන මණ්ඩලද සාමාජිකයන් පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු දේශපාලන බලවේගයක් සමග එක් නොවී ජවිපෙ ජාතික ජනබලවේගය සමග පමණක් ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවය.

එහෙත් දේශපාලන මණ්ඩල සභිකයන් වූ කේ.ඩී. ලාල්කාන්ත හා වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කණ්ඩායමක් ප්‍රකාශ කොට ඇත්තේ ජාතික ජන බලවේගයට පිටස්තර සියලු දේශපාලන බලවේගයන් ඒකරාශී කර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඉදිරියේ දී ජවිපෙ දේශපාලන කටයුතුවලදී කිසිදු අත්වැරැද්දක් හෝ අත්හදා බැලීමක් සිදු නොකළ යුතු බවය.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේ දී පක්ෂයෙන් වෙන් වී සිටින පිරිස් හා රටේ සියලුම වාමාංශික බලවේග ඒක රාශි කරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු නොකරන්නේ නම් ජවිපෙට අනාගතයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – අරුණ