කංසා වගා කිරීම ගැන රජයේ තීරණය මෙන්න

ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගා කිරීමේ බලය ලබා දීම පිළිබඳ නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඒ, ඊයේ (06) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නීතිමය ප්‍රතිපාදන නොමැතිව කිසිවෙකු කංසා වගා කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.
“කංසා වගාකිරීම සම්බන්ධ ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි.
ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන.”