NEWS

අගමැති මහින්ද අද ඉල්ලා අස් වෙනවද ? ඇත්ත කතාව මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අද දිනයේ පැතිර යන ආරංචි අසත්‍ය බව අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා කරුණු දක්වමින් කියා සිටියේ එම තොරතුරුවල කිසිදු සත්‍ය භාවයක් නොමැති බවයි.