GOSSIP

කොටදෙණියාවේ අතුරුදන් දරුවන් දෙදෙනා ගැන පොලිසියටත් ප්‍රශ්නයක් ?

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු ඉකුත් නොවැම්බර් 23 වනදා අතුරුදන් වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසියට මේ වනතෙක් සිද්ධියට සම්බන්ධ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවී නොමැත.

ඒ අනුව පොලීසිය දැනුම් දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වාගෙන යන බවය.

ඒ අනුව පොලීසිය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ මෙම දරුවන් දෙදෙනාගේ අතුරුදන්වීමේ සිද්ධිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසය.

එම විස්තර පහතින්,

( Ada derana )