ගංජා ප්‍රශ්නයකට චමුදිත පාර්ලිමේන්තුවට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින්නැයි කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුළියට ගත් අයෙක් නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් පොලිස් අත්අඩංගුවට පත් වීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන පුවත්පත් සමාලෝචන වැඩසටහනක ප්‍රකාශ කළ ආකාරය තුළින් සිය වරප්‍රසාද කඩ වූ බවට නියෝජ්‍ය කතානායකවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව හෙට (06) ඔහු වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් වීමට නියමිතයි.