NEWS

ගාල්ලේ බත් පාර්සලයක තිබී හමුවුන අරුම පුදුම දේ

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට ලබා දීමට රැගෙන එන ලද බත් පාර්සලයේ සෝයාමීට් ව්‍යංජනයේ සූක්ෂම ලෙස සඟවා, රෝස පැහැති පොලිතීන් කැබලි වල අසුරන ලද හෙරොයින් යැයි සැකකළ හැකි මත් ද්‍රව්‍ය කුඩා පැකට් 04 ක් රාජකාරියේ නියුතු නිළධාරින් භාරයට ගෙනතිබෙනවා.

අද (29) දින පෙ.ව.11.15ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයින් සහ එම මත් ද්රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සදහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය වැඩි දුරටත් දන්වා සිටිනවා

[email protected]