“ඒක බුදු දහමට අපහාසයක් නෙවෙයි” – කිරුළපන හිමි

සමලිංගික අපචාරයකට සම්බන්ධ බව කියන මාගල්කන්දේ සුදත්ත නම් ශ්‍රමණ වේශධාරියාගෙන් බුදු දහමට අපහාසයක් සිදු වී නොමැති බවත්, එය සීලයේ පලුද්දක් බවත් පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමියන් සඳහන් කරනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිය අදහස පළ කරමින්.
ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම කරුණු සමාජ මාධ්‍ය තුළ බෙදා නොගන්න ඇතැමුන්, දුස්සීල භික්ෂුවක් සම්බන්ධ විඩියෝවකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙන බවත් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ අදහස් දැක්වීමට අදාළව උන්වහන්සේට දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟ එයට අදහස් දැක්වීමේ අවස්ථාව (Comment) ඉවත් කර ඇති බවද දක්නට ලැබෙනවා.
එම අදහස් දැක්වීම් පහතින්.