ජනපතිගෙන් සජිත්ට ආරාධනයක් – ජනපති සිහිනයට පාර කියයි

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ චෝදනා අසත්‍ය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා කියා සිටින්නේ, බොරු තර්ක ඉදිරිපත් කරමින් අසාර්ථක වීම වෙනුවට දැන්වත් රටේ ප්‍රශ්න විසඳීමට විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායමට ආණ්ඩුව සමඟ එක් වන ලෙසයි.
ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසද හෙතෙම විපක්ෂ නායකවරයාට ආරාධනා කළා.
මෙම අදහස් පළ කෙරුණේ ඊයේ (03) හම්බන්තොට, මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘අමරවිරු අභිමන් 32’ උපහාර උත්සවයට සහභාගී වෙමින්.