NEWSWORLD

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් 6000 කට රැකියා අහිමි වෙයි

තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථාන මාධ්‍ය ආයතනවලින් අඩක් පමණ වසා දමා තිබෙනවා.

දේශසීමා රහිත වාර්තාකරුවන් සහ ඇෆ්ගන් ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කරන්නේ මාධ්‍යවේදීන්ගෙන් සියයට 60 ක් රැකියා විරහිත බවයි.

පිරිමින්ගෙන් සියයට 52ක් සහ ඇෆ්ගනිස්ථානයේ කාන්තා මාධ්‍ය වෘත්තිකයන්ගෙන් සියයට 84කට වඩා මේ වන විට රැකියා විරහිත බවද එහි සඳහන් වෙනවා.

එරට තුළ ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතන 543 න් නොවැම්බර් අග වන විට ක්‍රියාත්මක වූයේ 312 ක් පමණක් වන අතර මාධ්‍ය ආයතන 231 ක් වසා දමා තිබෙනවා.

එම නිසා රැකියා අහිමි වූ මාධ්‍යවේදීන් ගණන 6,400 කට වැඩි බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.