පානදුරේ හෝටලයක ජරමර කළ ගායකයා මෙන්න

නම අගට ‘ද සිල්වා’ යනුවෙන් යෙදෙන ප්‍රසිද්ධ බයිලා ගායකයෙකු ඇතුළු පිරිසක් පානදුර ප්‍රදේශයේ හෝටලයකින් ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමක් මත අදාළ හෝටලයේ සේවකයන්ට පහර දී, අලාභ හානි සිදු කර තිබෙනවා.

ගායකයා ඇතුළු පිරිස සිද්ධිය සිදු වූ දිනයේ රාත්‍රී 11.22 ට පමණ හෝටලයට ආහාර ගැනීම සඳහා පැමිණ ඇති අතර, ආහාර ගැනීමෙන් පසු බිල්පත ගෙවීම සඳහා ⁣ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. තම හෝටලයට එවැනි පහසුකමක් නැති බව සේවකයින් ප්‍රකාශ කළ විට ඇති වූ බහින්බස් වීමක් මත මෙම පහර දීම සිදු කර තිබෙනවා.

“උඹලා දන්නැද්ද යකෝ ……. ද සිල්වා කියන්නෙ කවුද කියලා” යනුවෙන් ආවේගශීලීව කතා කර ඇති පිරිස පහර දී, හෝටලයටද අලාභ හානි සිදු කර ඇති බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button