NEWS

බිත්තරයක් රුපියල් 50 ක් වන ලකුණු ?

සත්ව ආහාර හිඟවීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් ඇතිවිය හැකි බව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් පවසති.

කුකුළු මස් හා බිත්තර මිල ගණන් තවදුරටත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.

ඉදිරි කාල සිමාවේදී කුකුල් මස් කිලෝව රුපියල් නවසීයක් දාහක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් බිත්තරයක් රුපියල් 40-50 දක්වා ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

ඩොලර් හිඟතාවය මත ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් කුකුළු ආහාර ඇතුළු යෙදවුම් ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද නිෂ්පාදකයෝ සඳහන් කරති.

දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොලවල් කිහිපයක් වැසී ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් රැසක් වැසී යනු ඇති බවත් සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද මහතා පැවසීය.

මේ අතර මාළු මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත

Lanka C News