NEWS

පී.බී ඉල්ලා අස්වෙයි..ජනපතිට ලිපියක් යවයි

ජනාධිපති ලේකම් ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලමින් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

තමන් මෙම ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන ඔහු තම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද සදහන්ය.

ඒ අනුව ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු සදහන් කර තිබේ.