සැප්තැම්බරය වන විට වැටුණු රට ගොඩ – ජනපති විශ්වාසයෙන්

මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් මිදිය හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කරනවා.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම⁣ට දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙලේ ඇති වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඒ තුළින් තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය වනු ඇති බවයි.

ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද හෙතෙම කියා සිටියා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පෙරේදා (30) ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ පැවැති මහ සභා රැස්වීමට එක් වෙමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button