NEWS

ඩොලර් නැත්තේ බැංකුවලනේ..225 දෙනාම රට ගියත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි

බැසිල් රාජපක්ෂ මහතා නිවාඩුවකට ඇමරිකාව බලා ගියේ ඔහුටද පුද්ගලික ජීවිතයක් තිබෙන නිසා බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා බදුල්ලේදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම පිටරට සවාරි සඳහා සහභාගී වුණ ද එය් ගැටලුවක් නොවන බවයි .

ඩොලර් නැත්තේ බැංකුවල බවද තවත් මාස කිහිපයකින් මෙම අර්බුදයෙන් රට අනිවාර්යයෙන්ම ගොඩ එනු ඇති බවද ඔහු කියා සිටියා.