ARTICLES

රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවරත්

පවතින වසංගත තත්ත්වය හමුවේ කල්දමන ලද 2020 උළෙල හා 2021 සඳහා වන රයිගම් ටෙලීස් උළෙල ඒකාබද්ධව, 17 වැනි රයිගම් ටෙලීස් උළෙල “රයිගම් ටෙලීස් 2020-2021” ලෙස පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඉතා සතුටින් නිවේදනය කර සිටී.

2020 – ලිත්වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගෙන විනිශ්චය කටයුතු මේ වන විට නිමකර ඇත.

 

2021 – ලිත්වර්ෂය තුළ විකාශය නිමකළ ටෙලි නාට්‍ය සහ වෙනත් නිර්මාණ සඳහා වන අයදුම්පත් බාරගැනීම අද දින සිට ආරම්භ වේ.

 

රයිගම් ටෙලීස් – පෙළගැස්ම

1-         2021 දෙසැම්බර් 21

උළෙල ප්‍රකාශයට පත් කිරීම සහ අයදුම්පත් භාර ගැනීම නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව – ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ 07

 

ඒ සඳහා සහභාගී වූවෝ –

ආචාර්ය රවී ලියනගේ                       –           සභාපති – ද කිංඩම් ඔෆ් රයිගම්

කිශාන් තියෝඩර්                              –           කලමණාකාර අධ්‍යක්‍ෂක – ද කිංඩම් ඔෆ් රයිගම්

බුද්ධදාස ගලප්පත්ති මහතා            –           සභාපති – රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

තාරක රන්වල මහතා                       –           ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමූහ

අලෙවිකරණ තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල්කරණය – සම්පත් බැංකුව

ෂං වෝං                                              –           ප්‍රධාන සේවා නිළධාරී – Mobitel (Pvt) Ltd

 

2-         2022 ජනවාරි 15 – 2021 වර්ෂයට අදාල අයදුම් පත් හා නිර්මාණ භාරගන්නා අවසාන දිනය

 

3-         2022 පෙබරවාරි 25 – නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල – කොළඹ කිංස්බරි හෝටලයේදී.

2020 හා 2021 වර්ෂ සඳහා වන සම්මාන සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීම හා උත්කර්ෂණය.

 

4-         2022 මාර්තු 26 – අවසන් සම්මාන රාත්‍රිය – කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී

 

 

රයිගම් ටෙලීස් – ජාතියේ ටෙලි සම්මාන

විවිධ කලා ක්‍ෂේත්‍රයන්හී නියැලී ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශීලී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන උළෙල රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවති සරසවිය සිනමා සම්මා උළෙල ශ්‍රී ලාංකික අපේ කුඵඳුල් දේශීය සම්මාන අත්දැකීමවූ අතර, පසුකාලීනව රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් සිනමා නාට්‍ය හා රූපවාහිනී සම්මාන උළෙල රැසක් එක්කළ අතර ඉන් සමහර උළෙලවල් මේ වන විට නොපැවැත්වෙන අතර තවත් සමහර උළෙල වරින් වර පැවැත්වෙන බව දැකිය හැකිය.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වේ. මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීය සම්මාන උළෙල බවට රයිගම් ටෙලීස් පත්වී ඇති අතර අඛණ්ඩව වර්ෂ 16ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔසේ විකාශය කිරීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

රයිගම් ටෙලීස් – දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සියඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව හා ස්වාධීනව  පවත්වාගෙන යාම ස්ථිර කිරීම සඳහා රයිගම් ටෙලීස් ලෙකම් කාර්යාලය නමින් වාණිජ පරමාර්ථයෙන් තොර ආයතනයක් ස්ථාපිතකර ඇති අතර ප්‍රවීණ හා විද්වත් උපදේශක මණ්ඩලයක් යටතේ එම ආයතනය ක්‍රියාත්මක වේ.

රයිගම් ටෙලීස් හි සාර්ථකත්වය සඳහා සම්පත් බැංකුවේ හවුල් කාරීත්වයෙන් ලැබුණු ශක්තිය ප්‍රභල හේතුවක් විය.

අයදුම් කිරීමේ හා තෝරාගැනිමේ ක්‍රියාවලිය

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිමේ ක්‍රියාවලිය ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙනි. උළෙල සඳහා ඉදිරිපත් කරන සිය`ඵම නිර්මාණ අදාල කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ යම් චැනලයක විකාශයවූ බවට එම නාලිකාව විසින් තහවුරු කර තිබිය යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර 2020 හා 2021 වර්ෂ සඳහා ඒකාබද්ධ උළෙලක් පැවැත්වූවද 2020 හා 2021 වර්ෂ වලට අදාල අයදුම් පත් වෙන වෙනම භාරගන්නා අතර, 2020 වර්ෂයට අදාල අයදුම්පත් භාරගැනීම හා විනිශ්චය කටයුතු මේ වන විට නිමකර ඇත.

 

ජයග්‍රාහකයින් තෝරාගැනීම

උළෙල සඳහා ඉදිරිපත්වන සියඵ නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ.

ඕනෑම සම්මානයක වටිනාකම සහ පිළිගැනීම ඊට අදාල විනිශ්චය ක්‍රියාවලියෙහි පිළිගත හැකි භාවය අනුව තීරණය වන අතර රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඒ අනුව ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන්, කලාකරුවන්ගෙන් සහ විචාරකයන්ගෙන් සමන්විත වන පරිදි පරිණත විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇත.

 

2020-2021 රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

බුද්ධදාස ගලප්පත්ති මහතා – සභාපති/ටෙලිනාට්‍ය අනුකමිටු ප්‍රධානී

මහාචාර්ය අජන්තා හපුආරච්චි – මාධ්‍ය වැඩසටහන් අනුකමිටු ප්‍රධානී

ජයනාත් ගුණවර්ධන මහතා – සාමාජික

මාහාචාර්ය ආරියරත්න කළුආරච්චි – සාමාජික

රවීන්ද්‍ර ගුරුගේ මහතා – සාමාජික

හංසමාලා රිටිගහපොල මහත්මිය – සාමාජික

රංග දසනායක මහතා – සාමාජික

අරුණ ගුණරත්න මහතා – සාමාජික

ගුණසිරි සිල්වා මහතා – සාමාජික

අබ්දුල් හමීඩ් මහතා – සාමාජික – ද්‍රවිඩ මාධ්‍ය අංශය

 

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය ටෙලිනාට්‍ය නඵවා සහ නිළිය ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරා පත්කරගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍යය රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය ප්‍රසිද්ධ කරන ලද දත්ත මත තාර්කික පදනමකට තීරණය කරනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශන සභාවක් මගින් සිදුකෙරේ.

 

 

රයිගම් ටෙලීස් 2020-2021 ඒකාබද්ධ උළෙල

එක් එක් වර්ෂයේ සම්මාන උළෙල සඳහා ඉකුත් ලිත් වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ රූපවාහිනී චැනල මගින්  විකාශනය කරන ලද රූපවාහිනී වැඩසටහන් සැලකිල්ලට ගැනේ. ඒ අනුව 2020 සැප්තැම්බර් මාසයේ දී පවත්වන ලද අවසාන රයිගම් ටෙලීස් උළෙලේදී 2019 වසරේ විකාශය වූ වැඩසටහන් සැලකිල්ලට ගන්නා ලදි. අවාසනාවකට මෙන් 2021 පළමු කාර්තුවේදී පවත්වන්නට  නියමිතව තිබු 2020 වර්ෂයේ වැඩසටහන් ඇගයීමට ලක්කරන රයිගම් ටෙලීස් 2020 උළෙල කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන පවත්වන්නට නොහැකි විය. එමෙන්ම මේ වන විට 2021 වර්ෂයේ විකාශයව වූ නිර්මාණ සලකා බැලෙන ඊළඟ සම්මාන උළෙල සඳහාද කාලය එළඹ ඇත.  වසර දෙකක නිර්මාණ සඳහා එකම උළෙලකදී සම්මාන ප්‍රදානය කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු රාශියක් පැවතියද, මෙවර ඒකාබද්ධ උළෙලක් පැවැත්වීමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. ඒ උළෙල ද්විත්වයම සඳහා කාලය සම්පූර්ණ වී ඇති බැවිනි.

 

මෙවර ඇතුළත් නවාංග

මෙවර සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් හඳුන්වා දී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය න`ඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ නොවන්නට ඉඩ ඇත. මෙම නව සම්මාන කුලකයෙන් උත්සාහ දරන්නේ ප්‍රසිද්ධ කරන ලද දත්ත උපයෝගී කරගෙන යම් සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකට වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් සමුච්ඡය තීරණය කිරීමයි.  මෙය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ නව ප්‍රවණතාවයක් වනු ඇත.

 

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්

වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙලයන් දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල – Nomination Evening සහ අවසාන සම්මාන රාත්‍රියයි.

 

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේදී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උළෙලක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමටක පමණක් සීමා වීමත්ය.

 

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයක් සඳහා එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

ජාතික සංනිවේදන ජාලය වූ මොබිටෙල් මෙම උළෙල සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරන අතර රක්‍ෂණ තිළිණ පිරිනමන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

 

අවසාන සම්මාන රාත්‍රිය

රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් වඩාත් උනන්දුවෙන් අපේක්‍ෂා කරන උළෙලක් වන අතර, එය සම්මාන උළෙලකින් ඔබ්බට ගොස් ක්‍ෂේත්‍රයේ සහෘදයන්ට වසරකට වරක් මුණ ගැසී සතුටුසාමීචියේ යෙදෙන්නටද ලැබෙන මහඟු අවස්ථාවකි. සංවිධායකයන් විසින් සෑම විටම මෙම උළෙල විවිධ නවාංගයන් සහිතව උපරිම තලයකින් සිදු කිරීමට උත්සාහ ගන්නා අතර රූපවාහිනී චැනල පහක පමණ විකාශය සිදු වේ.  ඊට අමතරව සමාජ මාධ්‍යජාල ඔස්සේ ද ඉතා පු`ඵල් පදනමකින් සමාජ ගත වේ.

 

සියලු සම්මාන ලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් සම්පත් මුදල් තිළිණ නමින් පිරිනමන අතර, අලියාන්ස් රක්‍ෂණ සමාගම විසින් පිරිනමන අලියාන්ස් රක්‍ෂණ තිළිණ සමග වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ.

 

සම්මාන කුලක

රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ   සියලු   අංශ  ආවරණය   කරයි.   ඊට ටෙලි නාට්‍ය මෙන්ම   ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍රවෘත්ති, වාර්තා, රියැලිටි  සහ  වෙනත්  විවිධ  වැඩසටහන්  සහ  තාක්ෂණ  අංශ  ඇතුලත්ය. එමෙන්ම  රයිගම් ටෙලීිස්  වෙතින්  සම්මානයක්   ප්‍රදානය   කරන්නේ   ජාතික   මට්ටමින්   සළකා  බැලිය  හැකි  කුසලතාවන්  සඳහා  පමණි.  ඒ සඳහා රයිගම්  ටෙලීස් අනුගමනය  කරන  සම්මතයන්  ඇත. මේ  නිසා  රයිගම්  ටෙලීස්  “ජාතියේ  ටෙලි  සම්මාන”  වෙයි.  රයිගම්  ටෙලීස් සම්මානයට පාත්‍රවන විවිධ අංශ රැසකි. (සම්මාන ලේඛණය මේ සමඟ අමුණා ඇත)

 

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

රයිගම් ටෙලීස්  උළෙලේ  සම්මාන පරාසය පුළුල් කළද  ටෙලි  නාට්‍ය  සඳහා  ප්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

 

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති   නිවේදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

 

මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැක.

 

ජනප්‍රිය සම්මාන

සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ SMS ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

 

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක. 2022 පෙබරවාරි මස 25 දින සිට 2022 මාර්තු මස 25 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

 

ජනගත සම්මාන කුලකය

මෙවර සම්මාන උළෙල සඳහා අලුතෙන් හඳුන්වාදුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්ෂණ දත්ත සහ නැරඹුම්වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

 

 

ප්‍රණාම සම්මාන

රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන්  අතර  රූපවාහිනී  කලා  මාධ්‍යයේ  ඡේයෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශ්‍රී ලංකාවට  හඳුන්වාදීමේ  පුරෝගාමී  මෙහෙවරක්  ඉටුකල  වූවන්ද  විය.

 

මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. පසුගිය සම්මාන උළෙලේදී  ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්  මැතිණියගේ සේවය මේ යටතේ අගයන ලදි.

 

රූපවාහිනී නාලිකා ඇගයීම

සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව’ ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත්‍ර වනු ඇත.

සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.

 

කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියළි      

අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් අතරින් සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්‍රද්‍රනය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.

 

මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරනයක් තිළිණ කරන ලදි.

මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය වසර 10 මුළුල්ලේ උළෙලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ මොබිටෙල් හි දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

 

නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

 

 

උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

  1. ටෙලි නාට්‍ය – 2021 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
  2. වෙනත් නි්ර්මාණ – 2021 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ.
  3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුඵ කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
  4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාාල නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.
  5. ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

 

අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම

උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

රයිගම් ටෙලීස් 2021 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

 

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPRG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය,

 

රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාලය,

■          Lapro Technologies අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03.

■          Fox ප්‍රදර්ශනාගාරය, අංක 273/1, හෙලන්ස් ගොඩනැගිල්ල , පළමු මරදාන, කොළඹ 10.

■          Fox ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව කීල්ස් වෙළඳසැල ඉදිරිපිට)

 

ශ්‍රී ලංකාවේ රුපවාහිනි ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා අඛණ්ඩව දාහත්වැනි වරටත් පවත්වන රයිගම්  ටෙලීස්  පිළිබඳ පුවත  –  දහස් සංඛ්‍යාත රූපවාහිනී මාධ්‍ය සහ පිරිවර වෙතද, එහි ප්‍රතිලාභීන්වන ලක්‍ෂ සංඛ්‍යාත මහජනතාව වෙතද, ගෙනයාම සඳහා මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී මාධ්‍යයන්ගේ දායකත්වය රයිගම් ටෙලීස් ගෞරවයෙන් අපේක්‍ෂා කරයි.

 

 

වැඩිදුර තොරතුරු සඳහා

රෝහණ කුමාර   – 070 7061 508

ලහිරු පෙරේරා   – 070 7061 602

දු.ක: 011 4886777, 011 4886888

ෆැක්ස්: 011 753341-2

ඊ මේල්: [email protected] / [email protected]

වෙබ්: www.raigamtelees.lk