NEWS

ශවේන්ද්‍ර සහ කමල් වෙනුවෙන් ෆොන්සේකා පෙරට එයි

මහා වංශයේ නූතන පරිච්ඡේදයේ ලිවීමේ දී  යුධ ජයග්‍රහණයට සක්‍රීය දායකත්වය ලබා දුන් ඇතැම් සෙන්පතිවරුන් ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ අදහස් පලකර සිටියා.

” අලුතෙන් ලියපු මහාවංශේ ලියලා තියෙන්නේ යුද්ධේ හිටපු නැති විශ්‍රාම ගියපු නිළධාරීයොඉ දෙන්නෙක්ගෙන් අහගෙන, අවුරැදු 2 1/2ක් පුරා කරපු මේ යුද්දේ ගැන එහෙම ලියන්න පුලුවන්ද ?

මම ගැන කියන්න ඕන නෑ, ශවේන්ද්‍ර සිල්වා කියන නම යුද්ධයෙදි කොයිතරම් නම් කතා උනාද ? එයා කොයිතරම් කර්තව්‍යක් කරාද ? එයාගේනම පේලි 4කින් ලියලා තියෙනවා තැන් දෙකක.

අනිත් කෙනා කමල් ගුණරත්න, එයා ගැන පේලි දෙකයි, නමුත් මුහමාලේ ආරක්ෂක වලල්ලේ ඉඳලා නන්දිකඩාල් වෙනකන් ආපු හැටි පේලි දෙකෙන් කියන්න පුලුවන්ද ?

ජගත් ඩයස් ගැනත් එසේමයි. මෙය නිවැරදි විය යුතුයි, මේ ජයග්‍රහණය අපිට වටිනවා ! ”

– ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා –