NEWS

මම සිංහයෙක්..මම තණකොළ කන්නෙ නැහැ

කුමන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ සිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කල්පනාවෙන් මතක තබා ගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

එම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් උන්වහන්සේ අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කළ විමසීමකදී හිමියන් මෙසේ කියා සිටියහ.

තමන් වහන්සේ අතින් උපාධිය බාර ගැනීම හෝ නොගැනීම ඒ දරුවන්ට ඇති අයිතියක් නිසා ඒ ගැන අහිතක් නැතැයිද ඒ පිළිබඳව වැඩිදුර අදහස් පළ කිරීමට බලාපොරොත්තු නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සිසුන් කණ්ඩායමක් විසින් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.